Independent Mental Health Advocacy (ස්වාධීන මානසික සෞඛ්‍ය උපදේශන) (IMHA) මගින් ඔබේ හිමිකම් දැනගැනීමට හා ඔබේ අදහස් ප්‍රකාශකිරීම සඳහා සහාය ලබා ගත හැකිය. (IMHA) යනු පහත අවස්ථාවල පසුවෙන පුද්ගලයින් සඳහා නොමිලේ සහ රහසිගතව සැපයෙන උපදේශන සේවාවකි:
- අනිවාර්ය ප්‍රතිකාර ලබාගන්නේ නම්, හෝ
- අනිවාර්ය ප්රතිකාර ලබාගැනීම පිළිබඳ සිත්තැවුලෙන් සිටී නම්.
IMHA යනුVictoria Legal Aid මගින් සපයන සේවාවක් වන නමුදු එය නීති සේවාවක් නොවේ. IMHA ස්වාධීන මානසික සෞඛ්‍ය සේවාවන් වලින් ස්වාධීනය.
අපි ඔබ අමතන්නෙමු
2023 සැප්තැම්බර් 1 වන දින, Mental Health and Wellbeing Act 2022 (මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම පනත 2022) (Vic) අනුව ඔබ අනිවාර්ය ප්‍රතිකාර ලබා ගන්නා විට විශේෂ අවස්ථාවල දී අපට දැනුම්දෙනු ඇති බව ප්‍රකාශ කරයි. ප්‍රධාන කරුණු දැනගැනීමට පහත දැක්වෙන ‘IMHAහට දැනුම් දෙනුලබන්නේ කවරවිටකද’ යන්න පිළිබඳ වැඩිදුරටත් දැනුවත්වන්න.
ඔබ විසින් එසේ නොකරන ලෙස ඉල්ලා සිටින අවස්ථාවල දී හැර අපි විසින් ඔබ අමතනු ඇත. අපි ඔබව අමතන විට, අප අරමුණුකරන දේ පැහැදිලි කරන අතර, ඔබට අපගේ සේවාවන් අවශ්‍යවන්නේ දැයි තීරණය කළ හැකිය. ඔබට ඇමතීම සිදු නොකරන ලෙස අපට දැන්වීමට මෙම පත්‍රිකාවේ ඔබව ඇමතීම සිදු නොකරන ලෙස අපට පවසන අයුරු දැනගන්න.
ඔබට අප ඇමතිය හැකිය
ඔබ දැනට අනිවාර්ය ප්‍රතිකාර ලබා නොගන්නා නමුත් අනිවාර්ය ප්රතිකාර ලබාගැනීම පිළිබඳ සිත්තැවුලෙන් සිටින අවස්ථාවල දී ද, ඔබට තවදුරටත් IMHA සේවාවන් වෙත ප්‍රවේශ වියහැක. අපට ඒ බව දැනුම්දෙනු නොලබන බැවින් ඔබ කෙලින්ම අප ඇමතීම අවශ්‍ය වනු ඇත. ඔබට 1300 947 820 ඔස්සේ අප ඇමතීමට, අපගේ Independant Mental Health Advocacy වෙබ් අඩවියට පිවිසීම හෝ contact@imha.vic.gov.au වෙත ඊමේල් පණිවුඩයක් යැවීම මගින් සිදු කළහැකිය. අප අමතන අයුරු පිළිබඳ වැඩිදුරටත් දැනුවත්වන්න. ඔබේ බසින් අප හා කතා කල හැකිය.
ඔබේ ප්‍රතිකාර කණ්ඩායම සමඟ එකඟ විය නොහැකි යැයි හැඟීම හෝ ඔබ යමක් නොකළහොත් ඔබ අනිවාර්ය ප්‍රතිකාර සඳහා යොමුකරන බව ඔබේ ප්‍රතිකාර කණ්ඩායම පවසා තිබීම වැනිදෑ, අනිවාර්ය ප්රතිකාර ලබාගැනීම පිළිබඳ පුද්ගලයන්හට ගැටලු ඇතිවිය හැකි පොදු හේතු අතර වේ.
IMHA විසින් ඔබට උපකාර කරන්නේ කෙසේද
අපට පහත දෑ සඳහා උපකාර කළ හැකි ය:
- ඔබේ ඇගයීම, ප්රතිකාර, රැකවරණය සහ සුවය ලැබීම පිළිබඳ තොරතුරු අවබෝධ කර ගැනීමට
- ඔබේ ඇගයීම, ප්රතිකාර, රැකවරණය ගැන තීරණ ගැනීමට
- ඔබේ හිමිකම් අවබෝධ කර ගැනීමට හා ක්‍රියාත්මක කිරීමට
- අභිමතයන් පිළිබඳ පූර්ව ප්‍රකාශයක් කිරීමට
- යෝජිත උපකාරකරුවෙක් පත් කිරීමට
- දෙවැනි මනෝචිකිත්සක මතයක් ලබා ගැනීමට
- නීතිමය උපදෙස් ලබා ගැනීමට
- Mental Health Tribunal (මානසික සෞඛ්‍ය විනිශ්චය සභාව) වෙත අයදුම් කිරීමට
- මානසික සෞඛ්‍ය හා යහපැවතුම් සේවා පද්ධති අවබෝධ කර ගැනීමට හා ඒවාට ප්‍රවේශ වීමට
- ඔබේ තීරණ, අදහස් හා අභිමතයන් මානසික සෞඛ්‍ය හා යහපැවතුම් සේවාවලට සහ අන් අයට ප්‍රකාශ කිරීමට
- පැමිණිල්ලක් සිදු කිරීමට.
ඔබේ බසින් අප හා කතාකිරීම සඳහා භාෂණ පරිවර්තකයෙකු අපට සූදානම් කළ හැකිය. ඔබට 131 450 ඔස්සේ Translating and Interpreting Service (පරිවර්තන සහ භාෂණ පරිවර්තන සේවාව) (TIS) අමතා අප සම්බන්ධ කරන ලෙස ඉල්ලා සිටිය හැක.
ඔබේ කැමැත්ත ඇතිව ඔබේ මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ ඔබේ අදහස් නියෝජනය කිරීමට IMHA හට හැකිය.
ඔබේ IMHA උපදේශක:
- ඔබ නියම කරන ආකාරයට කටයුතු කරනු ඇත
- ඔබේ කැමැත්තෙන් තොරව ක්‍රියාමාර්ග නොගනු ඇත
- ඔබට අවම වශයෙන් වයස අවුරුදු 16ක් නම්, ඔබේ යහපත සඳහා අන් අය විසින් සලකනු ලබන දේ මගින් මග පෙන්වනු නොලැබේ. ඔබට වයස අවුරුදු 15 හෝ ඊට අඩු නම්, ඔබේ අදහස් ප්‍රවර්ධනය කරන අතර ඔබේ හොඳම අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සහතික කිරීම සඳහා ඔබේ පවුලේ අය, රැකබලා ගන්නන් සහ ආධාරකරුවන් සමග IMHA කටයුතු කරයි.
ඔබ නොඅමතන ලෙස අපට දන්වන්න
ඔබව හඳුනාගත හැකි තොරතුරු ලබාදීම අවශ්‍ය වන අතර එමගින් පහත දැක්වෙන දේ අපට තහවුරු කරගත හැකිය:
- ඔබව ඇමතීමට උත්සාහ නොකිරීමට, සහ
- ඔබේ අනිවාර්ය ප්‍රතිකාර ගැන අපට ලැබෙන තොරතුරු මකාදැමීමට.
ඔබ අපට සපයන තොරතුරු අපගේ පරිපාලන කාර්ය මණ්ඩලය විසින් හසුරුවනු ලැබේ. අප පෞද්ගලික තොරතුරු හසුරුවන ආකාරය සහ ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කෙරෙස අයුරු සොයාගැනීම පිළිබඳව වැඩිදුරටත් දැනුවත්වන්න.
ඔබට නොඅමතන ලෙස පැවසීමට:
- (03) 9093 3701 අමතන්න
- opt-out පෝරමය පුරවන්න
- අප අමතන අයුරු පිළිබදව වැඩිදුරටත් දැනගන්න
- පහත දැක්වෙන පෝරමය පුරවා admin@imha.vic.gov.au ඔස්සේ හෝ තැපැල් මගින් පහත ලිපිනයට එවන්න:
- Independent Mental Health Advocacy
GPO Box 4380
Melbourne VIC 3001
- Independent Mental Health Advocacy
ඔබට පෝරමය භාරදීමට කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගෙන් හෝ ආධාරකරුවෙකුගෙන් උපකාර ඉල්ලා සිටිය හැක.
ඔබ පසුව ඔබේ අදහස වෙනස් කර ගතහොත් හෝ සහ ඔබ අනිවාර්ය ප්‍රතිකාර ලබන විට IMHA විසින් සම්බන්ධ කර ගැනීමට කැමති නම්, ඔබට:
- 1300 947 820 අමතන්න
- contact@imha.vic.gov.au වෙත ඊමේල් පණිවුඩයක් යොමු කරන්න
- අප අමතන අයුරු පිළිබදව වැඩිදුරටත් දැනගන්න.
IMHA වෙත දන්වනු ලබන්නේ කුමන අවස්ථාවලදී ද?
පහත දැක්වෙන අවස්ථාවල දී IMHA වෙත දැනුම්දෙනු ඇත:
- ඔබ අධිකරණ හෝ ආරක්ෂක අංශ යටතේ වූ රෝගියෙකු නම් හෝ තාවකාලික ප්‍රතිකාර නියෝගයක් හෝ ප්‍රතිකාර නියෝගයක් මත තබා ඇති අවස්ථාවක
- ඔබේ සන්නිවේදන හිමිකම් සීමා කර ඇති විටක
- ඔබේ තාවකාලික ප්‍රතිකාර නියෝගය, හෝ ප්‍රතිකාර නියෝගය ප්‍රජාවෙන් නේවාසික රෝගීන්ට හෝ නේවාසික රෝගීන්ගෙන් ප්‍රජාවන්ට වඩා වෙනස් අවස්ථාවල
- ඔබේ තාවකාලික ප්‍රතිකාර නියෝගය, හෝ ප්‍රතිකාර නියෝගය හකුලාගෙන හෝ අවලංගු කර ඇති අවස්ථාවල
- ඔබට Mental Health Tribunal (මානසික සෞඛ්‍ය විනිශ්චය මණ්ඩලයේ) නඩු විභාගයක් සැලසුම් කර ඇත්නම්
- ඔබව හුදෙකලාව තබා තිබීම හෝ භෞතිකව හෝ රසායනිකව සීමා කර තිබීම වැනි සීමාකාරී මැදිහත්වීමක් භාවිතා කර ඇත්නම්
- වෙනත් නම් කරන ලද මානසික සෞඛ්‍ය සේවාවකට ප්‍රතිකාර සඳහා ඔබව මාරු කිරීමට ඔබේ ඇණවුම වෙනස් කරනු ලබන්නේ නම්.
ඔබ ආරක්ෂක අංශ යටතේ වූ රෝගියකු නම්, IMHA වෙත ද දැනුම් දෙනු ලැබේ:
- ඔබව නම් කරන ලද මානසික සෞඛ්‍ය සේවාවක් වෙත භාරගනු ලබන විට, නැතහොත් ප්‍රවාහනය කරනු ලබන විට
- ඔබ නැවත බන්ධනාගාරයට මුදා හරින විට.
ඔබ වෝහාරික නීති යටතේවන රෝගියෙකු නම්, IMHA වෙත දන්වනු ලබන්නේ:
- අධිකරණ වෛද්‍ය නිවාඩු මණ්ඩලය ප්‍රවාහනය අනුමත කරන්නේ නම් හෝ බලයලත් ආයතනයක් විසින් මෙහෙයවනු ලබන්නේ නම් හැර, ඔබව නම් කරන ලද මානසික සෞඛ්‍ය සේවාවකට රැගෙන යන විට
- ඔබේ මනෝ වෛද්‍යවරයා හෝ ප්‍රධාන මනෝ වෛද්‍යවරයා ඔබව වෙනත් නම් කරන ලද මානසික සෞඛ්‍ය සේවාවකට ප්‍රවාහනය කරන ලෙස යොමු කරන්නේ නම්
- දැඩි ලෙස නිරීක්ෂණය කරන ලද අධීක්ෂණ නියෝගයක් සඳහා Forensicare (Victorian Institute of Forensic Mental Health) (මානසික සෞඛ්‍ය පිළිබඳ වික්ටෝරියානු ආයතනය) නියෝගය සිදු කර ඇති විට.
IMHA තොරතුරු පත්‍රිකාව බාගත කරන්න (Opt – Out පෝරමය)
IMHA තොරතුරු පත්‍රිකාව (Opt-out පෝරමය)
IMHA පෝස්ට්කාඩ් පත බාගත කරන්න
IMHA වෙත සම්බන්ධ වී වැඩිදුර විස්තර සොයා ගන්නේ කෙසේද
- www.imha.vic.gov.au වෙබ් අඩවියට පිවිසෙන්න නැත්නම් contact@imha.vic.gov.au වෙත ඊමේල් පණිවුඩයක් එවන්න
- සතියේ දින හතේම (රජයේ නිවාඩු දින හැර) පෙ.ව. 9.30 – ප.ව. 4.30 දක්වා 1300 947 820 ඔස්සේ IMHA නීතීඥයින් විසින් මෙහෙයවෙන IMHA දුරකථන අංකය අමතන්න. ඔබේ බසින් අප හා කතා කල හැකිය.
- ඔබේ හිමිකම් පිළිබඳ පටිගත කිරීමක් ඇසීමට 1800 959 353 ඔස්සේ IMHA හිමිකම් අංකය අමතන්න .
- අප අමතන අයුරු පිළිබඳ වැඩිදුරටත් දැනුවත්වන්න.
- IMHA සම්බන්ධ කර ගැනීමට සහය වීමට මානසික සෞඛ්‍ය සේවා සපයන්නෙකුගෙන්, රැකවරණකරුවෙකුගෙන් හෝ වෙනත් ආධාරකරුවෙකුගෙන් ඉල්ලා සිටින්න.
- ඔබ IMHA පිළිබඳ පසුපෙවුම් අදහස් දැක්වීමට හෝ පැමිණිල්ලක් කිරීමට කැමති නම්, කරුණාකර අප අමතන්න. පැමිණිලි සහ ප්‍රතිචාර පිළිබඳ වැඩිදුරටත් දැනුවත්වන්න.
More information
Updated